බංග්ලාදේශයට ජනාධිපති ස්තුති කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

බංග්ලාදේශයට ජනාධිපති ස්තුති කරයි

බංග්ලාදේශයට ජනාධිපති ස්තුති කරයි

 

23 වන දා පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදි ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා පවසා සිටියේ දෙරටේ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ ඇති බැවින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව‍යි. 

 

 

මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් දෙරට අතර වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ අවස්ථාව ඇති බව පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාවට පවතින ආර්තික අර්බූධයෙන් කඩිනමින් අත්මිදීමට  හැකි වෙතැයි විශ්වාසය පළ කරනු ලැබීය.

 

 

 දැනට ල්ංකාවේ පවතින ආර්ථික අර්බුදයේ දී  බංග්ලාදේශය ලබාදෙන සහාය ජනාධිපතිතුමා  විසින් ඇගයීමට ලක් කරන ලදී.මෙම වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 50 වසරක් සපිරේ.

views

262 Views

Comments

arrow-up