ඩීසල් යැයි කියා වතුර විකුණු දෙදෙනාට වැඩ වරදී

ඩීසල් යැයි කියමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනා අල්ලා බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයෝ දෙදෙනෙක් පියවරගෙන තිබුණි.
කුඩා ලොරි රථයකින් වෙළෙඳසැල්වලට භාණ්ඩ බෙදාහැරීමේ නිරත තරුණයින් දෙදෙනෙකු ඊයේ(16) පෙරවරුවේ බණ්ඩාරගම රයිගම හන්දියේ වෙළෙඳසැලක් අසල ලොරි රථය නවතාගෙන සිටියදී ඔවුන් අසලට යතුරුපැදියකින් ප්ලාස්ටික් බූලියක් රැගෙන පැමිනි සැකකරුවන් දෙදෙනා “ඩීසල් ලිටර් 20ක් තිබෙනවා ඕන දැ” යි විමසා ඇත.
එම අවස්ථාවේදී එම තරුණයෙකුට ඊයේ රාත්‍රී විද්‍යුත් නාලිකාවල විකාශනය වූ ඩීසල් යැයි කියා වතුර ලබාදීම සිදුකළ මුදල් වංචාව මතකයට නැගී ඇත.
සැකකරුවන් දෙදෙනාගෙන් මදක් ඈතට ගිය තරුණයින් දෙදෙනා වූ ඩීසල් වංචාව පිළිබඳ ක්ෂණිකව සාකච්ඡා කර එම වංචාව සිදුකර තිබෙන්නේ මොවුන් දෙදෙනා බවට සැක පහල කර ,ඒවා මිලදී ගන්නා මුවාවෙන් ප්ලාස්ටික් භූලියේ තිබූ දෑ ඉවත දැමීමට කටයුතු කිරීමේදී ඒවා වතුර බවට තහවුරු වීමත් සමගම සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන් පැමිණි යතුරු පැදියද ඔවුන් භාරයට ගැනීමට සමත් වී තිබේ.
එම අවස්ථාවේ දී එම මාර්ගයේ ගමන් ගත් පොලිස් නිල රථයක් දුටු තරුණයින් වහා එය නතර කර එහි සිටි සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාට මේ බව පවසා ඇත.
වහා ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව බණ්ඩාරගම පොලීසියට දැනුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ සැකකරුවන්අත්අඩංගුවට ගෙන තිබේ.
294 Views
Comments