පොදු ප්‍රවාහනයේ නව වෙනසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

පොදු ප්‍රවාහනයේ නව වෙනසක්

පොදු ප්‍රවාහනයේ නව වෙනසක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ගමනාගමනය අඩාල වීම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහනය තවදුරටත් ශක්තිමත් කිරීමට ‍රජය තීරණය කර තිබෙනවා.


ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා සමග පැවති ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

 

පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය ව්‍යාප්ත කිරීමටත්,ඒ සඳහා ගාස්තු අඩු කිරීමටත්,පොදු ප්‍රවාහනයේ ගුණාත්මක බව රඳා පවත්වා ගැනීමටත් මෙහිදී යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.එසේම පෞද්ගලික බස් රථ සඳහා, ලංගම ඩිපෝවලින් රාත්‍රී කාලයේදී ඉන්ධන නිකුත් කිරීමටත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී  තිබෙනවා.

 

මීට අමතරව දුම්රිය ගමන් වාර ගණන වැඩි කිරීමටත් දුම්රිය මැදිරි සංබ්‍යාව වැඩි කිරීමටත් තවදුරටත් යෝජනා වී තිබෙනවා.

views

838 Views

Comments

arrow-up