ඝාතනයට ලක්වූ මන්ත්‍රී අතුකෝරළගේ බිරිඳ මැතිසබයේදී හඬා වැටේ

සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කරුණු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම වරින්වර හඬා වැටීම අද(10) මැතිසබයේදී දක්නට ලැබුණු සංවේදී සිදුවීමක් විය.
අමරකීර්ති අතුකෝරල මහතාගේ පුත් රනිදු අතුකෝරල සහ තවත් ඥාතියෙකුද විවාදය දැක බලා ගැනීමට පැමිණ කතානායක ගැලරියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
668 Views
Comments