ඩෙංගු හිස ඔසවයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
10

ඩෙංගු හිස ඔසවයි.

ඩෙංගු හිස ඔසවයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

මේ අනුව කොළඹ,මහනුවර,ගාල්ල,රත්නපුර,යාපනය,කළුතර,කෑගල්ල, ගම්පහ යන ප්‍රදේශවල වැඩි වශයෙන් රෝගීන් හමුවන බවත්, ගතවූ දින 8ක කාලය තුල ඩෙංගු රෝගීන් 2500කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පවසයි.

 

ඇඟපත වේදනවා, උණ වැනි ඩෙංගු රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද වෛද්‍යවරුන් තවදුරටත් පවසා සිටී.

 

මීට අමතරව බස්නාහිර පළාත තුළ මේ මස 15 සිට 21 දක්වා ඩෙංගු මර්ධන සතියක්ද ප්‍රකාශයට පත් කර ඇත.

views

1075 Views

Comments

arrow-up