නිවසට පැමිණ තනිව නිවසේ සිටි 64 හැවිරිදි කාන්තාව බිය ගන්වා අතවර කර රන් භාණ්ඩ කොල්ල කාලා

නාගොඩ, කුරුපනාව ප්‍රදේශයේ නිවසකට ඇතුල්වු පුද්ගලයෙකු එහි සිටි 64 හැවිරිදි කාන්තාව බිය ගන්වා රන්භාණ්ඩ ඉල්ලා ඇය දුෂණය කොට රුපියල් 25,000ක් පමණ වටිනා කරාබු ජෝඩුවද කොල්ල කා ඇතැයි නාගොඩ පොලිසිය කියයි.
පසුගිය 08 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇත. සිදුවීම වන අවස්ථාවේ නිවසේ සිට තිබෙන්නේ මෙම කාන්තාව පමණකි.
මෙම දුෂණයට සම්බන්ද සැකකරු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදිවියේ පසුවන අවිවාහකයෙකි.
මෙම පුද්ගලයා මත්කුඩුවලට ඇබ්බැහිවි සිටින අයෙකු බව පොලිසිය කියයි.
නාගොඩ පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
710 Views
Comments