යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ 5 වෙනි තැන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ 5 වෙනි තැන

යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ 5 වෙනි තැන

ඔස්ලෝ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරඟ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ(16) දින මුහුණ දී තිබුණා.

 

මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.06ට තරඟය පැවැත්වුණු අතර 2024 ඔලිම්පික් තරඟය සඳහා පෙර පුහුණුවක් ලෙස යුපුන්ට මෙය අතිශය වැදගත් වුණා.

 

ඒ අනුව තත්පර 10.16ක කාලයක් සහිතව පස් වැනි තැන දිනාගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

 

ටෝකියෝ ඔලිම්පික් උළලේ 200m රන් පදක්කම් ලාභී ඇන්ඩ්‍රේඩ් ග්‍රේස් හා දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ද මෙම තරඟයට සහභාගී වී තිබීම විශේෂත්වයක්.

views

318 Views

Comments

arrow-up