“ආණ්ඩුව මාව ඇන්දුවා” - රන්ජන්ගෙන් විශේෂ පණිවිඩය ප්‍රසිද්ධ කරයි - සජිත් දුකෙන්

නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රංජන් රාමනායකට නිදහස ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළ දේ සහමුලින්ම ඇන්දවීමක් සහ රැවටීමක් පමණක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
රන්ජන් රාමනායකට තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමඟ වඩාත් ඵලදායි ලෙසත්, අර්ථවත් ලෙස රටට සේවය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සිරගතව සිටින රංජන් රාමනායගේ සුවදක් බැලීමට පෙරේදා(15) වැලිකඩ සිර මැදිරියට පැමිණීමෙන් පසුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
රටේ පවතින බරපතළ අර්බුදය සම්බන්ධව සතිපතා එක එක කතා කියනවා හැර රට ගොඩනැගීමට නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව භාර ගන්නා විට නම් ප්‍රකාශ කළේ පැය විසිහතරෙන් ප්‍රශ්න විසඳන බව යැයිද සිහිපත් කළේය.
ජනතාව බලාපොරොත්තු වන්නේ විග්‍රහයන් නොවන බව පැවසූ සජිත් ප්‍රේමදාස ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රශ්න විසඳා රට ගොඩනැගීම බවද කියා සිටියේය.
325 Views
Comments