අර්බුද අස්සේ කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් ගෙන්වන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

අර්බුද අස්සේ කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් ගෙන්වන්න යයි

අර්බුද අස්සේ කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් ගෙන්වන්න යයි

රටේ ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයට ටැබ් යන්ත්‍ර 7,000ක් මිලදී ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් මිල ගණන් කැඳවා ඇත.

 

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙරේදා(15) කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ මෙය කිසිසේත්ම ප්‍රයෝජනවත් දෙයක් නොවන බවයි.

 

ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට වැය කිරීමට නියමිත සම්පූර්ණ මුදල රුපියල් කෝටි 05කි.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයද මුදල් නාස්තිකරන ආයතන බවට පත්ව ඇතැයිද පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් 10,000ක් පමණ සිටියද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආගාධයටම ගොස් ඇතැයිද ඔහු පෙන්වාදුන්නේය.

 

ඔහු මෙහිදී උදාහරණයක් ගනිමින් පෙන්වා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බිදුණුවැව ගොවිපොළේ අක්කර 30ක් ඇතත් එහි ඇතිකරන්නේ කුකුළන් 29ක් පමණක් බවයි.

views

252 Views

Comments

arrow-up