උතුරු නැගෙනහිර අධික ශීතලෙන් මිය ගිය සතුන් වෙනුවෙන් වන්දි මුදල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

උතුරු නැගෙනහිර අධික ශීතලෙන් මිය ගිය සතුන් වෙනුවෙන් වන්දි මුදල්

උතුරු  නැගෙනහිර අධික ශීතලෙන් මිය ගිය සතුන් වෙනුවෙන් වන්දි මුදල්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙරටට බලපෑ මැන්ඩෝස් සුළි කුණාටුව නිසා උතුරු නැගෙනහිර ඇතිවූ අධික ශීත කාලගුණයෙන් මිය ගිය සතුන් සඳහා වන්දි වශයෙන් ලබාදීමට රුපියල් මිලියන 30.44 ක මුදලක් වෙන් කර ඇත.

 

අද (14) ඊට අදාල චෙක්පත් කාෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන්. සමරනායක මහතාට භාර දුන්නේය. උතුරු හා නැගෙනහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් මගින් මිය ගිය සතුන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම සිදු කිරිමට නියමිතය. වන්දි මුදල් ලබා දීම සඳහා නැගෙහිර පළාතට රුපියල් මිලියන 11.9  ක් හා උතුරු පළාතට රුපියල් මිලියන 18.53 ක් වශයෙන් වෙන් කර තිබේ.

 

මෙම වන්දි මුදල් මියගිය ගවයෙක් සඳහා රුපියල් 20,000 ක්, ගව පැටවෙක් සඳහා රු. 10,000 ක්, එළුවෙක් සඳහා රු. 5000 ක් හා එළු පැටවෙක් සදහා රු. 3000 ක් වශයෙන් ලබා දීමට නියමිතය. උතුරු පළාතේ ගවයින් 514 ක්, ගවපැටවුන් 630 ක්, එළුවන් 305 ක් හා එළු පැටවුන් 144 ක් ද ශීත කාලගුණික තත්ත්වය නිසා මරණයට පත්විය. එමෙන්ම නැගෙනහිර පළාතේ එළුවන් 65 ක් එළු පැටවුන් 45 ක්, ගවයින් 423 ක් හා ගව පැටවුන් 299 ක්, වශයෙන් මරණයට පත් විය.

views

214 Views

Comments

arrow-up