ගැට්ටුවානේ ATM හොරා පැමිණ ඇත්තේ දුම්රියකින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

ගැට්ටුවානේ ATM හොරා පැමිණ ඇත්තේ දුම්රියකින්

ගැට්ටුවානේ ATM හොරා පැමිණ ඇත්තේ දුම්රියකින්

ගැට්ටුවාන මංසන්ධියේ තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රය කපා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කළ සිද්ධිය තනි පුද්ගලයකු විසින් සිදු කරන ලද ක්‍රියාවක් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.

 

නිදහස් දින දහවල් කාලයේ සිදු වූ මෙම සොරකම ATM යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා පැමිණි කාර්මිකයෙකු ලෙස හඟවමින් උක්ත පුද්ගලයා විසින් සිදු කර ඇති බවට පොලිසිය පවසයි.

 

මේ සඳහා යකඩ කපන යන්ත්‍රයක් යොදා ගෙන ඇති අතර ඔහු මේ සඳහා පැමිණ ඇත්තේ දුම්රියකින් බව වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබේ.

views

207 Views

Comments

arrow-up