පළාත් පාලන මැතිවරණය පිළිබඳ තීරණය තව දින තුනකින්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කරනු ලබන්නේ ඉදිරි දින තුන තුළ ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත බව මැතිවරණ කොමිසමෙහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසා සිටී.
ඡන්ද විමසීම සම්බන්ධයෙන් සිදු විය යුතු මූලික සංවිධාන කටයුතු දැනට කිසිදු ගැටලුවකින් තොරව කරගෙන යන අතර මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
මැතිවරණය සදහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇති නමුත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙන බව ද ඒ මහතා කියා සිටී.
200 Views
Comments