වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණ අවදානම ඉහලටම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණ අවදානම ඉහලටම

වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණ අවදානම ඉහලටම

 

වතු කම්කරුවන් සදහා නිසි වැටුපක් නොලැබිමත් සමග වතුකරයේ දරුවන්ට මන්දපෝෂනය වර්ධන  විමේ අවදානමක් පවතින බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති කේ. මෛයිදිලි මහත්මිය පවසයි.

 

ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. මෛයිදිලි මහත්මිය.

 

මේ වන විට රට තුල පවතින බඩු මිල ඉහල යාම් හමුවේ වතු කම්කරුවන් සදහා ලැබෙන දෛනික වැටුප කිසිම අයුරකින් ප්‍රමාණවත් වන්නේ නැහැ එම තත්වයන් මත වතු කම්කරුවන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ.

 

අද මේ වතු කම්කරුවන්ට ලැබෙන වැටුපෙන් එම වතු කම්කරුවන්ගේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබා දිමට හෝ එම දරුවන් නිසි ලෙස පාසල් යැවිමට නොහැකි තත්වයක් පවතිනවා.

 

එම තත්වයන් මත මේ වන විට වතුකරයේ දරුවන් මන්දපෝෂනයන්ට ලක් විමේ දැඩි අවදානමක් පවතින අතර වතු කරයේ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබා ගැනිමේ අවස්ථාවන්ද අහිමි විමේ අවදානමක් පවතිනවා.

views

252 Views

Comments

arrow-up