ගැබිනි මව සමඟ සිටි පාසැල් දැරිය කෙළෙසූ ත්‍රිරෝද රියැදුරාට ලැබුණු දඬුවම

තම ගැබිනි මව සමඟ නිවසේ සිටි 13 හැවිරිදි පාසල් සිසුවියක කට වසා නිවසින් පිටතට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ 34 හැවිරිදි විවාහක ත්‍රිරෝද රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(01) බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් ලබාදුන්නේය.
විත්තිකරු රුපියල් 25000 දඩයකටද යටත් කළ විනිසුරුවරයා වින්දිත තරුණියට රුපියල් ලක්‍ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළේය.
දැරිය පදිංචි නිවසට යාබදව පිහිටි නිවසේ පදිංචිකරුවෙකු වන එවකට 24 හැවිරිදි වියේ පසුවූ පස්හැවිරිදි දැරියකගේ පියෙකු වූ විත්තිකරු විසින් සිදුකර ඇත්තේ දරුවන් සිටිනා පියෙකු සිදු නොකළ යුතු කුරිරු අපරාධයක් බවත් වින්දිත දැරිය පුරා වසර 10කට අධික කාලයක් තිස්සේ විඳිනා මානසික වේදනාව සුළුපටු නොවන බවත් ඇය හඬා වැළපෙමින් ලබාදුන් සාක්‍ෂිය අනුව එය පැහැදිලි වන්නේ යැයි පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.
විත්තිකරු ඔහුගේ බිරිඳ හා කුඩා දරුවා නිවසේ නොමැති අවස්ථාවක් බලා දැරිය ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇගේ කෑගැසීම පිටතට නොඇසෙන සේ නිවසේ බෆල් යන්ත්‍රය අධික ශබ්දයෙන් වාදනය කර එම අපරාධය සිදුකිරීම මෙන්ම එම දැරිය හා ඇයගේ මව අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදීමෙන් පසු පදිංචිය හැර ගොස් ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබීම අනුවම එය ඇගේ සමස්ත පවුලේ සාමාජිකයන්ටම සිදුවූ අපරාධයක් බව පෙනී යන්නේ යැයි විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් පෙන්වා දුන්නේය.
තමා එම අපරාධය නොකළ බව විත්තිකරු දඬුවම් නියම කිරීමට පෙර විත්ති කූඩුවේ සිට හඬා වැළපෙමින් ප්‍රකාශ කළේය.
තම අධිකරණය තීන්දු ලබා දෙනුයේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනා සාක්‍ෂි මත පදනම්ව හා නීතියේ ප්‍රතිපාදන මත බවත් වරදකරුවන්ට දඬුවම් ලබාදීම අධිකරණයේ කාර්යභාරය බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
353 Views
Comments