රාත්‍රියේ නවතා තබන බස්වල ඉන්ධන ටැංකි කඩා ඩීසල් ඇදලා

පසුගිය සති දෙක තුළ කිරිඇල්ල පොලිසිය ඉදිරිපිට රත්නපුර -පානදුර මාර්ගයේ රාත්‍රියේ නවතා තබන (නයිට් පාක්) රත්නපුර සහ හොරණ ඩිපෝවලට අයත් සී.ටී.බී. බස් හයක ඉන්ධන ටැංකි කඩා ඩීසල් ලීටර් 800කට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි එහි රියැදුරන් විසින් කිරිඇල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
දුර ගමන් සේවා මෙන්ම දෛනිකව අළුයම කිරිඇල්ල නගරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත රත්නපුර, හොරණ සහ කලවාන ඩිපෝවලට අයත් සී.ටී.බී. බස් 10 කට ආසන්න ප්‍රමාණයක් මෙම ස්ථානයේ දිනපතා රාත්‍රියේ නවතා තබන බවත්, පොලිසිය ඉදිරිපිටම මෙවන් හොරකම් නොකඩවා සිදුවීම ගැටලු සහගත බවත් එම රියැදුරෝ පවසති.
මේ පිළිබඳ කිරිඇල්ල පොලිසිය පැවසුවේ එවැනි පැමිණිලි කීපයක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති අතර මෙම බස්රථවලට ආරක්ෂාව ලබා දීමට නොහැකි බව අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.
මඟීන් පැවසුවේ මෙවැනි තත්ත්වයක් යටතේ අදාළ ඩිපෝවල බලධාරීන් මෙම බස්රථ රාත්‍රියේ නවතා තැබීමට ඩිපෝවලට රැගෙන එන ලෙස නියෝග කළොත් තමන්ට පෙරවරු 06 දක්වා කිරිඇල්ල ප්‍රදේශයෙන් ගමන් කිරීමට බස්රථ නොමැති තත්ත්වයක් ඇතිවන බවයි.
262 Views
Comments