පාලනයෙන් ගිලිහුණු ලොරිය කඩයක් තුළට - දෙදෙනෙක් මරුට සිව්දෙනකුට බරපතළයි

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව දුම්රිය ස්ථානය අසල පෙරේදා(17) රාත්‍රී 8.30ට පමණ සිදුවූ රිය අනතුරකින් වෙළෙඳසැල් හිමිකරුවෙකු හා වයස්ගත කාන්තාවක් මියගිය අතර සිව්දෙනෙකු දැඩි ලෙස තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
ගාල්ල සිට පැමිණි ලොරි රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් වෙළෙඳසැල තුළට ඇතුළුවීම හේතුවෙන් එහි හිමිකරු වන වයස අවුරුදු 44ක් වන දෙදරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
පාරෙහි ගමන් ගත් වයස්ගත කාන්තාවක්ද, ලොරි රථයේ ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් දෙදෙනෙකු මෙන්ම වෙළෙදසැල් හිමිකරුගේ බිරිඳ මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
වෙළෙඳසැලටද විශාල ලෙස හානි සිදුව තිබේ. කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
280 Views
Comments