වැස්ස නිසා විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

වැස්ස නිසා විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයේ

වැස්ස නිසා විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයේ

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකිබවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

 

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලීම හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් සඳහන් කළේ නෝටන්බ්‍රිජ් , විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමමින් ඇති බවයි.

 

ඊට පහලින් පිහිටි ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ද පිටාර මට්ටමට ආසන්නවී පවතිනවා. ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළා.

views

232 Views

Comments

arrow-up