නන්දලාල් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවතට..?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ දැයි සාධාරණ සැකයක් ඇතිව තිබෙන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකීර් මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඉලක්ක කර එල්ල කරන චෝදනා මත තමන්ට මෙම සැකය ඇති වූ හෙතෙම කියා සිටියේය.
වත්මන් මහ බැංකු අධිපතිවරයා ඉවත් කර දිනේෂ් වීරක්කොඩි මහතා මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට සූදානමක් ඇත්දැයි ඔහු පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ ය.
924 Views
Comments