අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

අද කාලගුණය

අද කාලගුණය

දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹීලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.

 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් යාපනය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්  ඇතිවේ.

 

ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද  (02)  දින දහවල් 12:10 ට මූදුකාඩු (පුත්තලම දිස්ත්‍රික්කය), දංගස්වැව (කුරුණෑගල දිස්ත්‍රික්කය), තුත්තිරිපිටිය (අනුරාධපුර දිස්ත්‍රික්කය), හම්මිල්ලෑව (පොළොන්නරුව දිස්ත්‍රික්කය), කුඹුණුමුලෙයි   (මඩකලපුව දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

 

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ .

views

219 Views

Comments

arrow-up