ඉන්ධනහලේ ගැටුම නවතන්න ගිය සෙබළා පිහි ඇනුම් කා රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

ඉන්ධනහලේ ගැටුම නවතන්න ගිය සෙබළා පිහි ඇනුම් කා රෝහලට

ඉන්ධනහලේ ගැටුම නවතන්න ගිය සෙබළා පිහි ඇනුම් කා රෝහලට

ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ 99 ප්‍රදේශයේ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ පෙරේදා(03) සවස සිදු වූ කලහකාරී සිද්ධියකදී එම ස්ථානයේ රාජකාරියෙහි යෙදී සිටි හමුදා සෙබළෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් ඉන්ධනහලේ සේවකයින් සමඟ ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග යෑම වළක්වාලීමට කටයුතු කළ අවස්ථාවේදී කලහකාරී ලෙස පැමිණි එක් අයෙකු හමුදා සෙබළාට පිහිකින් ඇන ඇතැයි පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. 

 

තුවාල ලබා තිබෙන්නේ කඳුරුගස්ආර හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් දැනට එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

views

229 Views

Comments

arrow-up