නීතිවිරෝධී ඔක්සිමීටර් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්වීම සඳහා අවසරය ලබාදී නොමැති ඔක්සිමීටර් 250ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසලදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අනුරාධපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එකාබද්ධව ඊයේ(23) එම වැටලීම සිදුකර තිබුණි.
එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 40 හැවිරිදි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක වෙත භාර දී තිබේ.
775 Views
Comments