පැහැර ගත් ජිප් රිය තිබූ තැනටම ගෙනත් දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

පැහැර ගත් ජිප් රිය තිබූ තැනටම ගෙනත් දමයි

පැහැර ගත් ජිප් රිය තිබූ තැනටම ගෙනත් දමයි

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ නවතා තිබියදි පැහැරගෙන ගොස් දින කිහිපයකට පසු අදාල කැබ්රථය යළි පැහැරගත් ස්ථානයේ දමා ගිය සැකකරුවෙකු අද(17) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය සඳහන් කරයි.

 

පැහැර ගැනීමට ලක්වූ කැබ් රථය ඉකුත් 11 වෙනි දින හෝමාගම ගොඩගම මංසන්ධියේදී එන්ජිම පණ ගන්වා එහි රියැදුරු ආහාර මිලදී ගැනිම සදහා ගිය අවස්ථාවේ සැකකරු අදාල කැබ් රථය පැහැරගෙන ගොස් මීරිගම ප්‍රදේහයේ නිවසක සඟවා තබාගෙන සිට දින හතරකට පසු නැවතත් කැබ් රථය පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දමා ගොස් තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි.

views

823 Views

Comments

arrow-up