සිව්දරු මවක් වූ තම බිරිඳ පොරෝ පහරින් ඝාතනය කල සැමියා පොලිසියට භාරවෙයි

දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ අද(17) අලුයම පොරවකින් හිසට පහරදී සිව්දරු මවක් ඝාතනය කර ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ දොඩංගොඩ, කජුදූව ප්‍රදේශයේ පදිංචිව සිටී එම්. ඒ. අනෝමා දමයන්ති නමැති 46 හැවිරිදි සිව්දරු මවකි.
මෙලෙස මියගොස් ඇති කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් නිවසේ තිබූ පොරවෙන් සැමියා විසින් බිරිඳගේ හිසට පහරදී ඇති බවට සිදුකළ පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
බිරිඳව ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ස්වාමිපුරුෂයා පොරව නිවස ඉදිරිපිට ඇති පාරක් අසල දමා දොඩංගොඩ පොලිසියට භාරවී තිබේ.
30762 Views
Comments