කොළඹ නගරය තුල ඔක්සිජන් මට්ටම පහල යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
05

කොළඹ නගරය තුල ඔක්සිජන් මට්ටම පහල යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් මට්ටම පහල යයි

අතිශය ජනාකීර්ණ නගරයක් වන කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය එහි ජනගහණයට සාපේක්ෂව පහල යමින් පවතින බව විශේෂඥයන් විසින් කල සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

 

මේ හේතුවෙන් නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දෛනිකව ගණනය කිරීමට කොළඹ මහ නගර සභාව හා පරිසර අමාත්‍යංශය තීරණය කර ඇති බවට වාර්තා වනවා. මෙම ඔක්සිජන් මට්ටම පහල යාමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නගරයේ සිදුවන අධික වායු දූෂණයයි.

 

වාසනාවකට කොළඹ නගරය මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසාවෙන් සාගරයෙන් නිකුත් වන ඔක්සිජන් නගරයට පැමිණීම නිසා ජනතාවට යම්තාක් දුරට මෙම මෙහි බලපෑම නොදැනෙන බව විශේෂඥ මතයයි.

 

කෙසේවෙතත් මෙම තත්වය යහපත් අතට හරවාගැනීමට නගරබදව රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ

views

837 Views

Comments

arrow-up