FEB
26
කොවිඩ් ආසාදිත මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මරණ භූමදානය කිරීමට අවසරය ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
නව ගැසට් නිවේදනයට අනුව,කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක, අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
629 Views
Comments