අලි මිනිස් ගැටුම යළිත් ගිණුම් පිළිබඳ කාරක සභාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

අලි මිනිස් ගැටුම යළිත් ගිණුම් පිළිබඳ කාරක සභාවට

අලි මිනිස් ගැටුම යළිත් ගිණුම් පිළිබඳ කාරක සභාවට

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාව පෙබරවාරි 23 වැනිදා නැවතත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) වෙත කැඳවා තිබේ.

 

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය දෙසැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති කෝපා කමිටුවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවද එහිදී අවධාරණය විය.

 

මෙම කරුණු ඉදිරිපත් කරන ලද්දේ අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසිනි.

 

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූ අතර අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද හෙළි විය.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධව ඉදිරිපත්ව ඇති නිර්දේශ කෝපා කමිටුවේදී අවධානයට ලක් කෙරෙනු ඇත.

views

709 Views

Comments

arrow-up