සිසුවෙකුට කණ ඇහෙන්නේ නැතිවෙන්න ගහපු ගුරුවරයාට ලැබුණු දඩුවම

මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් 2017 වසරේ පෙබරවාරි මස 13වන දා 15 හැවිරිදි සිසුවෙකුට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
සිසුවාගේ ශ්‍රවණ හැකියාව ජීවිත කාලය පුරාම අහිමි වී ඇති බැවින් එය බරපතළ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව අධිකරණ තීන්දුවේ දැක්වේ.
එම විද්‍යාලයේ විනය භාර ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන නැමැත්තාට රුපියල් 150,000 මුදලක් ගතියට පත් ශිෂ්‍යයාට වන්දි වශයෙන් ගෙවන ලෙස ශේෂ්ඨාධිකරණය නියම කළා .
ඊට අමතරව මෙම මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් අදාළ ශිෂ්‍යයාට ගෙවිය යුතු බවටද එම නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත.
2017 වසරේ පෙබරවාරි මස 13වන දා වගඋත්තරකාර ගුරුවරයා මෙම දරුවාගේ මුහුණට පහර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වූ බවත් මේ තුළින් අදාළ ශිෂ්‍යයාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි
757 Views
Comments