දිස්ත්‍රික්ක කිහිපයකට ස්වල්ප වැසි සමඟ උදෑසන දැඩි මීදුම් තත්වයක්

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ත්‍රිකුණාමලය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති වේ.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
821 Views
Comments