කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු ආගමික විශ්වාසයන්ට අනුකුලව කරන්න ඉඩ දෙන්න - ඇමෙරිකාව ලංකාවට දැනුම් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
30

කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු ආගමික විශ්වාසයන්ට අනුකුලව කරන්න ඉඩ දෙන්න - ඇමෙරිකාව ලංකාවට දැනුම් දෙයි

කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු ආගමික විශ්වාසයන්ට අනුකුලව කරන්න ඉඩ දෙන්න   - ඇමෙරිකාව ලංකාවට දැනුම් දෙයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු පිළිබද ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා

 

කොරෝනාවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් චාරිත්‍ර, ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත් ව, ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුකූලවන පරිදි සිදු කිරීමට අවශ්‍ය අවසර ලබා දෙන ලෙස, රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයට දැනුම් දී.තිබෙනවා

 

“COVID-19 හි ඛේදවාචකය බොහෝ ජීවිත බිලිගෙන ඇත.

අන්තර්ජාතික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආගමික විශ්වාසයන්ට හා සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කිරීමට හා ඒවාට අනුගත වීමට අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

එවිට මිනිසුන්ට තම ආදරණීයයන්ට සමුගැනීමක් ඔවුන්ගේ විශ්වාසයන්ට අනුකූලව ලබාදිය හැකිය.”

එහි සඳහන් කර ඇත.

 

 

 

 

views

716 Views

Comments

arrow-up