මෝටාර් උණ්ඩය කපන්න ගොස් සිදුවූ පිපිරීමෙන් අයෙක් මරු තුරුලට

කිලිනොච්චිය, පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් 15 හැවිරිදි දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.
මෝටාර් උණ්ඩය නිවසෙහි කාමරයක තබාගෙන කොටස් කිරීමට උත්සහා කිරීමේදී එය පුපුරා ගොස් ඇති අතර කොටස්කරමින් සිටි පුද්ගලයා ස්ථානයේදීම මියගොස් තිබේ.
එම අනතුරින් මියගොස් තිබෙන්නේ කිලිනොච්චිය, පරන්තන්, උමයාගපුරම් ප්‍රදේශයේ පදිංචි සිවලිංගම් සිවරාජ් නැමති 25 හැවිරිදි අයෙකුවේ.
ඔහුගේ බාල සොහොයුරා වූ 15 හැවිරිදි පාසල් සිසුවා බරපතල තුවාල ලබා කිලිනොච්චිය දිසා රෝහලට ඇතුලත් කොට ඇත.
735 Views
Comments