සිලින්ඩරය ශක්තිමත් වුවත් සංයුතිය වෙනස් නම් ගෑස් ලීක් වෙනවා - ගෑස් අර්බුදයට හේතුව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

සිලින්ඩරය ශක්තිමත් වුවත් සංයුතිය වෙනස් නම් ගෑස් ලීක් වෙනවා - ගෑස් අර්බුදයට හේතුව මෙන්න

සිලින්ඩරය ශක්තිමත් වුවත් සංයුතිය වෙනස් නම් ගෑස් ලීක් වෙනවා - ගෑස් අර්බුදයට හේතුව මෙන්න

ගෑස් සිලින්ඩරය කෙතරම් තරම් ශක්තිමත් වුවද සංයුතිය වෙනස් වුවහොත් ගෑස් කාන්දු විය හැකි බව ස්වාභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා සඳහන් කරනවා.

 

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් වායුවේ පීඩනය බියුටේන් පෙළට වඩා සිව් ගුණයකින් ඉහළ බවයි.

 

මේ හේතුවෙන් සිලින්ඩරය තුළ ඇති ප්‍රොපේන් වායු ප්‍රමාණය ඉහළ ගියහොත් සිලින්ඩරයේ පීඩනය ඉහළ යයි. මේ හේතුවෙන් ගෑස් සිලින්ඩරේ ඇති වෑල්වය හරහා ගෑස් කාන්දු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ද සිල්වා මහතා

 

"ගැස් පුරවලා ගේන සිලින්ඩරය බොහොම ශක්තිමත්. හැබැයි සිලින්ඩරයකට සවිකරන වෑල් එකයි, වෑල් එක උඩින් ඇති රෙගියුලේටරයයි.. ඒවා කොයි විදිහට ඩිසයින් කරලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ." 

 

"දැන් සිලින්ඩරයේ වෑල් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රොපේන් 30යි බ්‍යුටේන් 70ට නම් ඒකට අපි ප්‍රොපේන් 30ට වැඩිය දැම්මොත් ඒ වෑල් එකට ඔරෝතතු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බ්‍යුටේන් පෙෂර් එක අඩුයි. හැබැයි ප්‍රොපේන් පෙෂර් එක ඒවාගේ 4ගුණයක්. ඉතින් ඒ පීඩනයට ඔරොත්තු දෙනවාද? ඒ වෑල් එක." 

 

"ඊළඟට රෙගියුලේටරය.. ඒවා චෙක් කරන්න තියෙන ආයතනවල ප්‍රමිතියට හදලා තියෙනවායි කියලා කියනවා. ඒවා ක්‍රියාත්මක වෙනවාද? මම දැක්කා මේ මෑතකදී මහජනතාව රූගත කරලා එනවා..  සිලින්ඩරයෙන්ම ලීක් වෙනවා. එතන වැරැද්ද තියෙන්නේ වෑල් එකේ නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ ඇයි වෑල් එකෙන් ලීක් වෙන්නේ.  පීඩනයේ තමයි මෙතන ප්‍රශ්නය. එතකොට පීඩනය ඇතිවෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි." 

 

"දැන් පාරිභෝගිකයන්නට පුළුවන් ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් සබන් ටිකක් දාලා බලන්න. මේක ලීක් වෙනවාද කියන එක. ඒකෙ ලීක් එකක් තිබුණොත් ගේ ඇතුළට ගන්න එපා. ආපසු ගිහින් බාරදෙන්න ගත්ත තැනට. නැත්නම් ඒ ගත්ත තැනට කෝල් කරලා කියන්න. ඊළඟට රෙගියුලේටරයත් මාරු කරන්න. හැබැයි හොඳ එකක් ගන්න. ඊට පස්සේ බටෙත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද මේක අපි ප්‍රතික්ෂේප කළොත් ජීවිත හානියක් වෙන්නත් පුළුවන්."

 

 

views

1140 Views

Comments

arrow-up