කුඩු ගහන්න සල්ලි නැතුව පුතා තමන්ගෙම අම්මාගෙ මාලෙ කඩන් දුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

කුඩු ගහන්න සල්ලි නැතුව පුතා තමන්ගෙම අම්මාගෙ මාලෙ කඩන් දුවයි

කුඩු ගහන්න සල්ලි නැතුව පුතා තමන්ගෙම අම්මාගෙ මාලෙ කඩන් දුවයි

මව විසින් පැලඳ සිටි රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා රන් මාලය කඩාගෙන ගිය ඇයගේම 19 හැවිරිදි පුත්‍රයා සොයා මහනුවර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

මව සඳහන් කළේ සිය පුත්‍රයා තදින්ම හෙරොයින් මත් කුඩු වලට ඇබ්බැහි වී ඇති බවයි.

 

ඔහුට මත්කුඩු සඳහා දිනකට රුපියල් 3,000ක් පමණ අවශ්‍ය වන බව ඇය සඳහන් කර තිබෙනවා.

 

ඇය මාලයද පැළඳ නිවස ඉදිරිපිට සිටින අවස්ථාවක පුතා පැමිණ මෙලෙස ඇයගේ මාලය කඩාගෙන පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

4772 Views

Comments

arrow-up