වෑකඳවලදී “සනී” මහ පාරේ කපා කොටා මරා දමයි

වීරකැටිය, වෑකඳවල ප්‍රදේශයේදී, වයස අවුරුදු 39ක් වූ විවාහක පුද්ගලයෙකු පසුගිය 20වන දින උදේ කාලයේ, කිසියම් පුද්ගලයෙකු විසින් කපා කොටා මරා දමා පලාගොස් තිබෙන බව වීරකැටිය පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර තිබෙන්නේ වීරකැටිය වෑකඳවල පදිංචිව සිටි, කලූආරච්චිගේ සමන් දේශප්‍රිය හෙවත් “සනී” නමැත්තෙකි.
වීරකැටිය, වෑකඳවල, කැකුණයාය වැලමිට වංගුවේදී මෙම ඝාතනය සිදුකර ඇති බවට වීරකැටිය පොලිසියට පසුගිය 20 වනදා උදේ 06.05ට ලැබී ඇති දුරකථන ඇමතුමකට අනුව, වහා කි‍්‍රයාත්මක වූ පොලිසිය ඝාතනය සිදුවූ ස්ථානයට ගොස් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.
මෙලෙස මහමග ඝාතනයට ලක්වූ පුද්ගලයා මහමග යන කාන්තාවන්ගේ, ගෙල බැඳි මාල කැඩීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි. මීට පෙර මොහු වීරකැටිය පොලිසිය මගින් අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතව සිට මුදාහැර පැමිණ සිටි අයෙකු වන බවද, වාර්තාවේ.
වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
942 Views
Comments