මන්නාරමේ වෙරළකට ගොඩගසා තිබූ තරුණියගේ මළ සිරුර - මරණය අභිරහසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

මන්නාරමේ වෙරළකට ගොඩගසා තිබූ තරුණියගේ මළ සිරුර - මරණය අභිරහසක්

මන්නාරමේ වෙරළකට ගොඩගසා තිබූ තරුණියගේ මළ සිරුර - මරණය අභිරහසක්

තරුණියකගේ මළසිරුරක් මන්නාරම කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලීසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ යාපනයේ පදිංචි 22 හැවිරිදි කීර්තනා නැමති තරුණියෙකි.

 

කොන්දෙයිපිට්ටි වෙරළ තීරයේදී ඊයේ(14)  සොයාගත් තරුණියගේ මළසිරුර මේ වන විට ඇගේ මව විසින් හඳුනාගෙන තිබේ.

 

මන්නාරම ප්‍රධාන පාලමේ සිට පසුගිය 13 වැනිදා මුහුදට තරුණියක් වැටෙන අයුරු අසළ සිටි ධීවරයින් පිරිසක් දැක මුහුදට වැටුණු තරුණිය සෙව්වුද ඇය අතුරුදහන්ව තිබිණි.

 

ඉන්පසුව ඊයේ(14) තරුණියගේ මෘත දේහය කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම්දී තිබුණි.

 

පොලීසිය විසින් තරුණියගේ මළසිරුර තිබූ ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ කල අතර එහිදී මිය ගිය තරුණිය පසුගිය 11 වනදා තවත් තරුණයෙකු සමඟ මන්නාරම බස්නැවතුම්පලේදී හමු වී කතාකරන අයුරු ආවේක්‍ෂණ කැමරා මගින් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව ඇත.

 

ඒ අනුව එම තරුණයා ඇගේ පෙම්වතා විය හැකි බවත් ඔහු සමඟ ඇති වූ පෙම් ආරවුලක් මත තරුණිය මන්නාරම් ප්‍රධාන පාලමෙන් පැන සියදිවි හානිකරගත්තේද නැතිනම් තරුණයා විසින් තරුණියව පාලමෙන් තල්ලු‍කරේද යන්න පිළිබදව සැකසහිත බැවින් ඒ සම්බන්ධව පුලු‍ල් පරික්ෂණයක් අරඹා ඇතැයි පොලීසිය පවසයි.

views

926 Views

Comments

arrow-up