අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීම නිසා තමන් අධිකරණ අමාත්‍යධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව වර්තමාන අධිකරණ අමාත්‍ය  අලි සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

 

එම ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

 

නීති සකස් කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් පවතින පසුබිමක මෙලෙස කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීම අනවශ්‍ය බවයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබෙන්නේ.

 

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම කාර්යය සාධක බලකාය පත්කලේ තමාගේ අවශ්‍යතාවය මත මිස අන් දෙයකට නොවන බවයි.

 

නීති සකස් කිරීමේ දී අධිකරණ අමාත්‍යවරයාට ද ඊට දායක විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

views

939 Views

Comments

arrow-up