“සීමාවන් ඉවත් කිරීම කොරෝනා ඉවරයි කියන සහතිකය නෙවෙයි” - යුධ හමුදාපති

යම් යම් සීමාවන් ඉවත් කිරීම රටින් කොවිඩ් තුරන්වූ බව පෙන්වන සහතිකයක් නොවන බවත් ඒ ආකාරයෙන් වැරදි අදහසක් ගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
කොරෝනා ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
අද පවතින ප්‍රතිඵල ළඟා කරගෙන තිබෙන්නේ ජනතාව බොහෝ සේ කැපවීම් සිදුකිරීමෙන් බවද පැවසූ යුධ හමුදාපතිවරයා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ නිසා කොවිඩ් පැතිරීම මේ ආකාරයට පාලනය කර ගැනීමට හැකිවූ බවද සඳහන් කළේය.
රටේ යම් යම් සීමා ඉවත් කරනු ලැබූවේ ජනතාවට සහන සැලසීම සඳහා බවද යුධ හමුදාපතිවරයා පැවසුවේය.
730 Views
Comments