අහඹු ඇන්ටිජන් පරික්‍ෂාවේදී කුලියාපිටියෙන් කොවිඩ් රැල්ලක්

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් කොවිඩ් ආශ‍්‍රිත පුද්ගලයන් 73 දෙනෙකුට සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවේදී ඉන් 43 දෙනෙකුට කොවිඩ් 19 ආසාධිත බවට තහවුරුකරගෙන තිබේ.
ඉන් බහුතරයක් කුලියාපිටිය එලතලව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් මේ දිනවල එලතලව ප‍්‍රදේශයේ යම් අවධානමක් පවතින බවත් එම කාර්යාලය පවසයි.
ඉකුත් දින කිහිපයේදීම ඇඹව හා එලතලව ආදී ප‍්‍රදේශයන්හි ආශ‍්‍රිතයන් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරික්‍ෂාවන් අතුරින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් සියයට 72ක් පමණ එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් අය බවට හඳුනාගෙන තිබේ.
එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එන්නත් කරනයට ලක්වූවන් පවා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ නිස අයුරින් ආරක්‍ෂා කර නොගතහොත් ඉදිරියේ ප‍්‍රථිපල භයානක වියහැකි බවයි.
1021 Views
Comments