OCT
18
ඊයේ දිනයේ මග මරුවාට හතක් බිලි

මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් හත් දෙනකු ඊයේ(17) දින මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මාරක රිය අනතුරු හයක් ඊයේ දිනයේ වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් පස්දෙනකු තුවාල තිබේ.
වාහන අටක් එම අනතුරුවලට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බවත් රියදුරන්ගේ සහ යතුරු පැදිකරුවන්ගේ නොසැලිකිලිමත්කම අනතුරුවලට හේතුව වී ඇත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
741 Views
Comments