ලක්මව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට කෝටි 5 දෙයි - (PHOTOS)

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද (11) පස්වරුවේ මුදල් ත්‍යාග පිරිනැමීය.
එහිදී දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක්, සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීය.
ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විණී.
791 Views
Comments