පවුල් ආරවුලක් දුරදිග ගොස් මස්සිනා, මස්සිනා අතින් මරුට

පවුල් ආරවුලක් දුරදිග ගොස් මස්සිනාගෙන් පහර කෑමට ලක්වූ මස්සිනා මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (02) මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් තිබෙන්නේ මඩකලපුව, නව කාත්තන්කුඩි 02, කප්පල් ආලිම් පාරේ විසු මුහම්මදු මුස්බීර් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසේ පවුල් ආරවුලක් ඇතිවී ඇති අතර ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා හා බිරිඳ අතර ඇතිවූ ආරාවුල දුරදිග ගොස් බිරිඳගේ සහෝදරයා(මස්සිනා) සමඟ රණ්ඩුවකට පැටලීමෙන් මස්සිනාගෙන් පහරකෑමට ලක්ව බරපතළ ලෙස තුවාල ලැබූ මොහු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලින් ආනවරණය වී තිබේ.
පහරදුන් පුද්ගලයා කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු බවත් මේ නිසා පවුලේ ආරවුල් ඇතිවී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
805 Views
Comments