වල්ගමදී දෙදෙනකුගේ අත් මන්නයකින් කැපීමේ සිද්ධියේ අභිරහස එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

වල්ගමදී දෙදෙනකුගේ අත් මන්නයකින් කැපීමේ සිද්ධියේ අභිරහස එළියට

වල්ගමදී දෙදෙනකුගේ අත් මන්නයකින් කැපීමේ සිද්ධියේ අභිරහස එළියට

බණ්ඩාරගම, වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ මෑතකදී රුපියල් කෝටි හතළිහකට අධික වටිනා හෙරයින් මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුව ලබාදුන් පුද්ගලයාට බවට තොරතුරු අනිවරණය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

 

එලෙස එල්ලවුණු තියුණු ආයුධ ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ දෑත් වලට බරපතළ තුවාල සිදුවී හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමුකර ඇති අතර එක් අතක් පමණක් තුවාලවූ අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

මීට දින කිහිපයකට ඉහතදී රිමාන්ඩ් බාරයෙන් නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවස ආසන්නයේදී මෙම ආයුධ ප්‍රහාරය එල්ල වී තිබුණේ බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුටයි.

 

මෙලෙස තුවාල ලැබූ දෙදෙනා සමඟ තවත් පුද්ගලයෙකු ත්‍රීරෝද රථයේ පැමිණි බවටද තොරතුරු අනාවරණය වී ඇති බවත් සිද්ධියෙන් පසුව එම පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු නිශ්චිතව තොරතුරක් ලැබී නැති බවත් පොලිසිය කියයි.

 

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද එම යතුරු පැදිය මීට දින කිහිපයකට ඉහතදී නිදහස්ව පැමිණි මත්කුඩු ජාවාරම්කරුද සිට ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා කීවේය.

views

778 Views

Comments

arrow-up