ජපන් තානාපති ජනපති හමුවෙයි

අද (25) පෙරවරුවේ සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ජපාන රජයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සහය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය වර්ධනය කරමින් අවශ්‍ය ඕනෑම වේලාවක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා සමඟ පවසා ඇත.
727 Views
Comments