“පානදුර මන්නයා” ආයුධ සමඟ පොලිස් දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

“පානදුර මන්නයා” ආයුධ සමඟ පොලිස් දැලේ

“පානදුර මන්නයා” ආයුධ සමඟ පොලිස් දැලේ

මන්නා පිහි පෙන්වා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ල කෑ “පානදුර මන්නයා” නමැති පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයා ජීව අත්බෝම්බයක්, කඩුවක්, මන්නාපපිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන කොල්ල කන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සහ යතුරුපැදියක් අද(25) සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාණදුර, කලු‍දෑවල සහ දිබ්බැද්ද යන ප්‍රදේශවල පදිංචි 29 සහ 43 හැවිරිදි  පුද්ගලයින් දෙදෙනෙකි.

 

පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම පානදුර, මෝදරවිල ක්‍රීඩාංගණය අසලදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට අලෙවි කර තිබූ රන්මාල හයක්, පෙන්ඩන් දෙකක් සොයාගෙන තිබේ. 

 

ඔවුන් පැමිණි යතුරුපැදියද පිළියන්දල ප්‍රදේශයෙන් සොරකම් කල එකක් බවට හදුනාගත් බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරීයෙක් පැවසුවේය.

views

843 Views

Comments

arrow-up