අද දිනයේ සිට දින 15කට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

රට විවෘත කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 01 වැනි දින සිට 15 වැනි දින තෙක් දින 15ක කාලයක් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ග උපදේශ නිකුත් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වීමේදී හැකිතාක් මාර්ගගත ක්‍රම අනුගමනය කරන ලෙසත්, රැස්වීමක් පැවැත්වීමේදී ශාලාවේ 1/3 ධාරිතාවකින් පැවැත්විය යුතු බවත් පොලිස් මාධය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.
එමෙන්ම විවාහ මංගල උත්සය පැවැත්වීමේදීද ඒ සදහා උපරිම ආරාධිතයින් 100ක් සහභාගි කරගත යුතු බවත්, එසේ නොවුනහොත් විවාහ මංගල උත්සවය පැවැත්වෙන ශාලාව අනුව එහි 1/3ක ධාරිතාවකින් යුතුව අමුත්තන්ට ආරාධනා කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
විවාහ මංගල උත්සව එළිමහනේ පැවැත්වෙන්නේ නම් ඒ සදහා 150ක පිරිසකට සහභාගි විය හැකි බවත් හෙතෙම පැවසීය.
එසේම සිනමා ශාලා, නාට්‍යශාලා, සියට 25 ධාරිතාවයකින් යුතුව පිරිස කැඳවිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
808 Views
Comments