විදේශ ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී අන්සතු විදේශ ගමන් බලපත් 18, ලැප්ටොප් පරිගණකයක්, ටැබ් එකක්, ජංගම දුරකතන තුනක් සහ මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත්දෙදෙනා අවුරුදු 28 සහ 24 වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් පිලැස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විදෙස් ගමන් බලපත් තුනක ජපානයට යාම සඳහා අන්සතු වීසා බලපත් අලවා තිබූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ පිලැස්ස මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාවතගම පොලිසිය වැඩිසුර පරික්‍ෂණ පවත්වයි.
787 Views
Comments