අධි වේගයේ සිදුවූ බස් රථ අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

අධි වේගයේ සිදුවූ බස් රථ අනතුර

අධි වේගයේ සිදුවූ බස් රථ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්වී ඇතැයි පොලීසිය කියයි.

 

ඊයේ(31) රාත්‍රී 7.00ට පමණ බද්දේගම සහ පින්නදූව අතර 84වන කිලෝමීටර් කණුව අසලදී එම අනතුර සිදුව තිබේ.

 

කොළඹ සිට මාතර බලා ධාවනයවූ බස් රථයක් වෑන් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එමඅනතුර සිදුව ඇත.

 

අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් 46 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

views

753 Views

Comments

arrow-up