රටතුළ නැවතත් දැඩි ගෑස් හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

රටතුළ නැවතත් දැඩි ගෑස් හිඟයක්

රටතුළ නැවතත් දැඩි ගෑස් හිඟයක්

වෙළෙඳපොල තුළ ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකේම දැඩි හිඟයක් ඇතිව තිබේ.

 

මෙම වර්ග දෙකෙන් එකක් හෝ මිලදී ගැනීමට නොහැකිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට ලක්ව සිටිති.

 

‘“ලාෆ්” ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇතිවී ඇති බවත් එසේ වුවත් දෛනිකව ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවත්ය.

 

බැංකුවලින් ඩොලර් නොලැබීම හේතුවෙන් ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇතැයි කී වෑගපිටිය මහතා ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුවට වැදීමට සිදුවී ඇති බවද සඳහන් පැවසුවේය.

 

ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් කියා සිටියේ එම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් “ලාෆ්”’ ගෑස් හිඟයත් සමඟ ලිට්‍රෝ ගෑස් ඉල්ලු‍ම ඉහළ ගොස් ඇති බවත්ය.

views

724 Views

Comments

arrow-up