මානසික ආබාධ සහිත පුතා යකඩ කූරකින් ඇන පියාව ඝාතනය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

මානසික ආබාධ සහිත පුතා යකඩ කූරකින් ඇන පියාව ඝාතනය කරයි

මානසික ආබාධ සහිත පුතා යකඩ කූරකින් ඇන පියාව ඝාතනය කරයි

මානසික ආබාධ තත්ත්වයක් සහිත පුතා විසින් තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කළ සිදුවීමක් රිදීගම, පනාගමුව ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

ඊයේ(14) සවස් කාලයේදී පියා සහ පුතා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

 

එලෙස මියගොස් තිබෙන්නේ 62 හැවිරිදි ගෝපාල පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනය සිදුකළ මියගිය පුද්ගලයාගේ 32 හැවිරිදි පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රිදීගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

851 Views

Comments

arrow-up