අනුරාධපුර සඳහිරු සෑ රදුන්ට කොත් පළඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

අනුරාධපුර සඳහිරු සෑ රදුන්ට කොත් පළඳවයි

අනුරාධපුර සඳහිරු සෑ රදුන්ට කොත් පළඳවයි

තිස් වසරක යුද්ධය අවසන් කර රුදුරු කොටි ත්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීම වෙනුවෙන් ඉදිකරනු ලැබූ අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළඳවීමේ පිංකම අද(08) උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

 

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත ඉදි කෙරුණු මෙම මහා චෛත්‍ය සඟසතු කොට පූජා කිරීම, දෙස් විදෙස් බැතිමතුන්හට වන්දනාමාන කිරීමේ අවස්ථාව ලබාදීම ලබන නොවැම්බර් 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබේ.

views

733 Views

Comments

arrow-up