පෙම් හුටපටයකට වෙඩි තබා ගුටි කෑ වෙඩික්කරු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

පෙම් හුටපටයකට වෙඩි තබා ගුටි කෑ වෙඩික්කරු මරුට

පෙම් හුටපටයකට වෙඩි තබා ගුටි කෑ වෙඩික්කරු මරුට

ඌරගස්මංහන්දිය, කරුවලගොඩදී ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවු ආරවුලකට සිදුකළ වෙඩිතැබීමකින් හා පහරදීමකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇත.

 

මෙම සිදුවිමෙන් එක් පුද්ගලයෙකු රෝහලේදී මියගිය බව පොලිස් මූලස්ථානය පවසයි.

 

එලෙස මියගොස් තිබෙන්නේ අවුරුදු 51ක් වු මඩකුඹුර, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මියගිය පුද්ගලයා ගිනිඅවියක් රැගෙන තවත් පුද්ගලයෙකු සමඟ කළුවලගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් එම නිවසේ සිටි තරුණයෙකුගේ මව තුවාල ලබා තිබේ. 

 

එම අවස්ථාවේදී තරුණයා විසින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට සහ ඔහු සමඟ පැමිණි පුද්ගලයාට පහරදී ඇත.

 

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අදාළ තරුණයා මියගිය පුද්ගලයාගේ දියණිය සමඟ ඇති කරගෙන තිබු ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් 24 හැවිරිදි සැකකාර තරුණයාව අත්අඩංගුවට ගෙන ඇත.

views

922 Views

Comments

arrow-up